Friday, June 20, 2014

ප්‍රමාද වී ලියූ කවියක්


 (ප්‍රමාද වී හෝ කිරීම පසුතැවිල්ල යම් පමණකට අඩු කිරීමට හේතුවක් වේ. - ස.ප්‍රි. )

"අවුරුද්දත්  කිට්ටු   කිට්ටු
එරබොදු මල් පොට්ටු පොට්ටු"
අවුරුද්දට අපේ  ගෙදර කැවුම් හදනවා
අම්මි ගෙදර නොආවාට කොහා අඬනවා

මේ පාරත් අවුරුද්දට
අම්මි එන්නෙ නැහැලු කොහෝ
සිසිර නිවාඩුවටලු එහෙ නිවාඩු දෙන්නේ..
ඕමානෙට ටටා කියා
අපි දෙන්නට තෑගි අරන්
වෙසක් පොසොන් පහු වුනාම
ගම රට එන්නේ

 කොහෝ උඹත් මං වාගෙම
නාඬ ඉන්න පුරුදු වෙයන්
කැවුම් කොකිස් පිඟානක්ම උඹටත් දෙන්නේ
එහේ ඉඳන් අම්මිත් අද කිරිබත් හෙම හදනවාලු
එක මේසෙක කන්න නැතැයි
මොටද අඬන්නේ
වෙබ් කැම් එක දාගෙන අපි කිරිබත් කන්නේ

8 comments:

  1. පරක්කු වුනත් මොකෝ පද ටික හිතට දැනෙන්න ලියලා ,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදර .. මේ මගේ ජීවිතය .

      Delete
  2. දරුවන්ගේ මව් සෙනෙහස හොරා ගත්තු විදේශ විනිමය ඉපැයීම නොහොත් ජීවත් වෙන්න යැයි කියමින් ජීවිතය නැති කර ගැනීම....................

    ReplyDelete
    Replies
    1. කටුක යථාර්ථයට මූන දෙන්න කවියත් ලොකු ශක්තියක් නේද වෙලාවකට ....

      Delete
  3. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  4. මේකත් ලස්සනයි. වෙබ් අඩවියක පලකරන්න යැව්වා.

    ReplyDelete
  5. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14753-2014-12-04-15-56-55

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!