Saturday, February 28, 2015

මට හිතෙන හැටි ...



පුංචි කාලෙ අහපු කවි කතන්දර මතකද ? ඇයි චූටි බබාලට ලස්සන මල් ගැන සමනල්ලු ගැන සුරංගනාවියො ගැන විතරක් කතන්දර කියල දෙන්ඩ බැරි ?

*

*

*

* නපුරු මන්තර කාරියො .. සිංහ රජතුමාවත් රවට්ටන කපටි නරි .. කුමන්ත්‍රන කරන රාජ පුරුශයො ගැන කතන්දර ඇයි .. 

මමනම් හිතන්නෙ ලොකු වුනාම ජීවත් වෙන්ඩ සමාජය තේරුම් ගන්ඩ ලේසි වෙන්ඩ තමයි ඒව කියල දෙන්ඩ ඇත්තෙ. 
කොටින්ම කිව්වොත් කවියක වුණත්.. 


"රෝස මලේ නටුවෙ කටූ "


 "රන්වන් පාටයි සමනලයා " හැබැයි රෝස මලේ පැණි බීල ගියා.. ආයෙත් ඒවිද ඒ සමනලයා මල් වල පැණි බොන්ටා ?????????????????




Wednesday, February 18, 2015

කුරුම්බා - Coconut juice with pulp

කාලෙකට පස්සෙ මම මහ ගෙදරට ගොඩ උනා ..

පුතේ , මහන්සිද? කුරුම්බා ගෙඩියක් කපන්නද ? ඒ තාත්ත.

හා . තාත්ත දන්නව මම කවදත් ඒකට මනාපයි කියල.
ටිකකින් මම කුස්සියට යනව.
දුව ආසයිනෙ. මේ ලොඳ ටිකත් දාලම දෙමු. "
තාත්ත කුරුම්බ ගෙඩිය උඩින් ලොකු වීදුරුව තියල ටක් ගාල ඒක උඩ යට මාරු කරනව. වතුර ටික සීරුවට ගෙඩියෙන් වීදුරුවට මාරු වෙනව.
ඊට පස්සෙ කුරුම්බ ගෙඩියෙ පිට පොත්තෙන් කෑල්ලක් කපා ගන්නව. ඒ තමයි හැන්ද. ගෙඩිය පලල ඒ ලොඳ ටික අර හැන්දෙන් අරන් වීදුරුවටම දානව.

සීනි ටිකකුත් දාන්නද පුතේ ?

එපා තාත්තෙ මෙහෙම හොදයි.

--------------------------------------------------------

ඔය සේරම මට මතක් උනේ මාකට් එකේදි දැකපු මෙන්න මේ භාණ්ඩෙ නිසා .



මෙන්න අන්තර්ගතේ 


ඒ සිතුවිලිත් එක්කම කඩල ගත්ත බොන්න පුළුවන්ද බලන්න . 

අපොයි තියෙන පුස් රහ . කටේ තියන්න බැහැ. 

" ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ ....."