පුතේ , මහන්සිද? කුරුම්බා ගෙඩියක් කපන්නද ? ඒ තාත්ත.
හා . තාත්ත දන්නව මම කවදත් ඒකට මනාපයි කියල.
ටිකකින් මම කුස්සියට යනව.
දුව ආසයිනෙ. මේ ලොඳ ටිකත් දාලම දෙමු. "
තාත්ත කුරුම්බ ගෙඩිය උඩින් ලොකු වීදුරුව තියල ටක් ගාල ඒක උඩ යට මාරු කරනව. වතුර ටික සීරුවට ගෙඩියෙන් වීදුරුවට මාරු වෙනව.
ඊට පස්සෙ කුරුම්බ ගෙඩියෙ පිට පොත්තෙන් කෑල්ලක් කපා ගන්නව. ඒ තමයි හැන්ද. ගෙඩිය පලල ඒ ලොඳ ටික අර හැන්දෙන් අරන් වීදුරුවටම දානව.
සීනි ටිකකුත් දාන්නද පුතේ ?
එපා තාත්තෙ මෙහෙම හොදයි.
--------------------------------------------------------
ඔය සේරම මට මතක් උනේ මාකට් එකේදි දැකපු මෙන්න මේ භාණ්ඩෙ නිසා .
මෙන්න අන්තර්ගතේ
ඒ සිතුවිලිත් එක්කම කඩල ගත්ත බොන්න පුළුවන්ද බලන්න .
අපොයි තියෙන පුස් රහ . කටේ තියන්න බැහැ.







.jpg)






