Saturday, January 31, 2015

මස්කට් - මුහුදු වෙරළක දසුන් පෙළක්

නිවාඩු දවසක ගිය සුන්දර ගමනක් ..

 ලංකාවෙ වෙරළක දකින්නට නොලැබෙන විදියේ සතුන් සහ දර්ශන මෙහිදී දක්නට ලැබෙනවා. මේ තමයි මස්කට් . මැද පෙරදිය පිහිටි පිරිසිදු කමින් ඉහළ නගරයක්. ඉතා සංවිධානාත්මකයි. නිවාඩු දවසකදි දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ දැකගන්න පුලුවන්.


මේ තියෙන්නෙ  මත්‍රා වරාය. අතීතයේ පෙර අපර දෙදිග මුහුදු ගමන් වල අරාබි මුහුදෙ සන්ධිස්ථානයක්. ඕමානයේ තෙල් සම්පත හොයා ගන්න කලින් මේක තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. තවමත් කලාපයේ ප්‍රධානම වාණිජ වරායක්. අතීත තොරතුරු වැඩිමනක් දන්නේ නැහැ. එක් කලෙක මෙය පෘතුගීසින්ට යටත්ව තිබූ බවක් අසා තිබෙනවා.



ඕමානයේ සාම්ප්‍රදායික කර්මාන්තයක් වන ලී යාත්‍රා මෙහෙදී දැකගන්න පුලුවනි.




ඕමානයේ සාම්ප්‍රදායික සංකේතයක් වන සුවඳ දුම් බඳුනක (incense burner)  විශාල ආකෘතියක් මේ. ඈත සිටම මුහුදු යාත්‍රා වලට මෙය දැක ගත හැකියි.



වට පිටාවෙ තියෙන  හැම ගලක් උඩම මේ වගෙ බලකොටු තියෙනව . ඔත්තු බලන්න පාවිච්චි කළා  වෙන්න පුලුවන්. 


මෙන්න බල කොටුව ඇතුලෙ තිබුන දේ.



මත්‍රා  මුහුදු වෙරළ (MUTRAH CORNICHE) 



මේ අරුම පුදුම සත්වයා මා කම්පනයට පත් කළා. සතෙක් වුණත් උන් තැනින් සෙලවීමටවත් නොහැකියි. මේ කවචය ගලට ඇලිලයි තියෙන්නෙ. මේ කටුව ඇතුළෙ ඉන්නෙ හංගොල්ලෙක් වගේ සතෙක්. පේනව නේද?
  බානකල් (Barnacles)






                                  ඉකිරියා
මේ ඉන්නෙ ඉකිරියා. මෙයාගෙ කටු ගොඩ දැක්කම කවුරුවත් මෙයා ළඟට එන්නෙ නැහැ. ඉතින් ඔහේ ගලකට ඇලිලා ගලේ තියෙන දෙයක් කාලා ඉන්නව. කොරල් පර හදන්න මුල් වෙන කොරල් බුහුබාවනුත් මෙයාගෙ ආහාරයක්. ඒ නිසා මෙයාල වැඩි වුනොත් ඒක තර්ජනයක්. මේ කටු ඇනුනොත් ඒකත් විශ සහිතයි. 




මුහුදු ඛාදනය වළක්වන්න ගත්ත සාර්ථක උත්සාහයක්


බයිසිකල් පදින්නත් දෙනව .. " Take a breath" : Ride for free on mutrah corniche"



ඔන්න ඔහොමයි දවසක් ගත වුනේ ...

Monday, January 5, 2015

මෙන්න ඇත්ත.. දත් ඇන්ද ගැලවෙන්ඩ ඉස්සෙල්ලා..




මාසෙකටත් වැඩිය කාලයක් මේ පැත්තෙ එන්න බැරි වුනානෙ. වැඩි ඉසිඹුවක් නැතත් නොකියාම බැරි  කාරණාවක් නිසා ඇවිත් කියලා යන්න හිතුන. 
ඔයාලා වැඩි දෙනෙක් අවධානය යොමු නොකරන පුංචි කාරණාවක් මේ . හැමෝම දැකල ඇති දන්තාලේප  ටියුබ් එකේ අග කොටසේ පුංචි ඉරි කෑල්ලක් තියෙනවා. මේ ඉරි  කෑල්ල අපට ලොකු කතාවක් කියනවා. අන්තර් ජාලයෙන් තමයි දැන ගත්තෙ.




මේ ඉරි කෑල්ල කොළ පාටනම් කියවෙන්නෙ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ස්වභාවික ද්‍රව්‍ය අඩංගු බවයි
නිල් පාටනම් ස්වභාවික සහ බෙහෙත් ද්‍රව්‍යත් අඩංගුයි. 
රතු පැහැයෙන් තියෙන ඉරෙන් කියන්නෙ ස්වභාවික සහ රසායනික ද්‍රව්‍ය වල මිශ්‍රණයක් බවයි
කළු පැහැති ඉරක් නම් එයින් කියවෙන්නෙ සම්පූර්ණයෙන්ම රසායනික නිෂ්පාදනයක් බවයි. 

 මේක හිතේ තියාගෙන අපි ලංකාවෙ කඩ සාප්පු වල දත් බෙහෙත් පෙට්ටි ඇරල බැලුව. ඒ බොහෝමයක තිබුනෙ කලු පාට සහ රතු පාට. නිල් පාට හම්බ වුනෙත් එකම එකයි. ආශ්චර්‍යක මහත කියන්නෙ ඕං ආයුර්වේද, හර්බල් වගේ ලේබල් ගහපු පෙට්ටි ඇතුළෙනම් තිබුනෙ කලු පාට විතරමයි.   කොළ පාට නම් එකක්වත් දැක්කෙ නෑ. දැක්ක කෙනෙක් ඉන්නවනම් නමත් එක්ක පහළින් කොමෙන්ටුවක් දාන්න. 

ඒ පාර ඕමාන් ඇවිත් කඩේ ගිය පාර දුවගෙන ගිහින් බැලුවෙත් ඒකමයි. මිල නිසාම තත්වය හොඳයැයි අපි හිතන ලංකාවෙත් තියෙන නිෂ්පාදනයක් බැළුවම ඒක අරින්න බැරි වෙන්න අලවලා. ඇසුරුමෙන් මේක පරීක්ෂා කරන්න බැහැ. 

ඒ අතරේ එකම එක කොළ පාට එකක් හම්බ වුනා. මේ තියෙන්නෙ ඒක.

මේ තියෙන්නෙ ඒ සේරටම වැඩිය හොඳ එකක්.
බෝඹු අත්තක් පිංන්තූරය ගත්තෙ මෙතනින්. http://www.slbutterflies.lk/Larval.php?id=97 ) 

පොඩි කාලෙ නාන්න ගියාම ළිඳ අයිනෙ ගහකින් කඩල නිශ්පාදනය කරගත්තු  in built ඖෂධීය ශාක සාර කැටි කරගත් බෝඹු කෝටුව. 

 (ප. ලි. දැන්වත් ඉතින් අනුන්ට කඩේ නොගිහින් තමන්ට කඩේ යමල්ලා. හොයලා බලලා බඩු ගනිල්ලා. )