Friday, March 25, 2016

බරු කොකු



බරු කොකු කියන්නෙ මීවන ශාඛ වර්ගයක්. මෙය ඉතාම රසවත් ලෙස පිළියෙළ කළ හැකි ගුණදායී ආහාරයක්.

පිළියෙල කරන්නේ මෙහෙමයි.

මුලින්ම දලු කොටස් පමණක් අඟලේ පමණ කැබලි වලට කඩා ගන්න. ඉන්පසු ගොරකා බික් 3ක් , ලුණු ස්වල්පයක්  සහ වැඩිපුර වතුර දමා විනාඩි 20ක් පමණ තම්බා ගන්න. ඉන්පසු වැඩි වතුර ටික බේරා හරින්න.

දැන් මෙය සාමාන්‍ය එළවළුවක් උයන පරිදි ලූනු , අමු මිරිස්, කරපිංචා , ලුණු, තුනපහ, කහ, මිරිස් කුඩු දමා මිටි කිරි ටිකකින් පිස ගන්න. කැමතිනම් උම්බලකඩ ස්වල්පයකුත් දමන්න.

ඉන්පසු වියලි මිරිස් කැබලි, අබ ස්වල්පයක් , කරපිංචා, රතු ලූනු ටිකක් දමා තෙම්පරාදු කරගන්න.




ප.ලි. -- මෙය තන්තු බහුල ආහාරයක් නිසා මළබද්ධයට බෙහෙතක්.