Friday, March 25, 2016

බරු කොකු



බරු කොකු කියන්නෙ මීවන ශාඛ වර්ගයක්. මෙය ඉතාම රසවත් ලෙස පිළියෙළ කළ හැකි ගුණදායී ආහාරයක්.

පිළියෙල කරන්නේ මෙහෙමයි.

මුලින්ම දලු කොටස් පමණක් අඟලේ පමණ කැබලි වලට කඩා ගන්න. ඉන්පසු ගොරකා බික් 3ක් , ලුණු ස්වල්පයක්  සහ වැඩිපුර වතුර දමා විනාඩි 20ක් පමණ තම්බා ගන්න. ඉන්පසු වැඩි වතුර ටික බේරා හරින්න.

දැන් මෙය සාමාන්‍ය එළවළුවක් උයන පරිදි ලූනු , අමු මිරිස්, කරපිංචා , ලුණු, තුනපහ, කහ, මිරිස් කුඩු දමා මිටි කිරි ටිකකින් පිස ගන්න. කැමතිනම් උම්බලකඩ ස්වල්පයකුත් දමන්න.

ඉන්පසු වියලි මිරිස් කැබලි, අබ ස්වල්පයක් , කරපිංචා, රතු ලූනු ටිකක් දමා තෙම්පරාදු කරගන්න.




ප.ලි. -- මෙය තන්තු බහුල ආහාරයක් නිසා මළබද්ධයට බෙහෙතක්.

8 comments:

  1. බොහොම ඉස්තූත්යි...
    මම නාරාහෙන්පිට ආර්තික මද්යස්තානෙන් බරු කොකු කීප සැරයක් ම මිලට අරන් උයන විදිය වැරදි නිසා ප්‍රශ්නවලට මූන දුන්නා.... ගොරකා වල තැම්බීම දැන සිටියේ නැහැ

    ReplyDelete
  2. එක්තරා ප්‍රදේශයකට විශේෂිත ශාක වර්ගයක්ද
    මේ අවට දැකලමනෑ
    හම්බුනොත් බලන්නම ඕන

    ReplyDelete
    Replies
    1. මේවා හැදෙන්නේ පොකුණු , වැව් ආශ්‍රිතව.

      Delete
  3. හරිම රසවත් කෑමක්, අපි පොඩිකාලේ ඇළ ඉවුරු වල තියෙන බරකොකු කඩාගෙන ඇවිත් අම්මාට දෙනවා.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  4. කැරැන්කොකු kiyanneth mewatada?

    ReplyDelete
    Replies
    1. ekanam danne nehe. danna kenek uththara denna.

      Delete
    2. කැරැන්කොකු කියන්නෙ කඩොලාන විශේෂයක්. බරු කොකු කියන්නෙ මීවන විශේෂයක්. ගොඩක් දුරට තෙතමනය වැඩි ප්‍රදේශ වල දකින්න පුළුවන්.

      Delete
  5. මේ දෙකම ආහාරයට සුදුසු ද?ගුන අගුන එකමද.නැතිනම් නුසුදුසු කුමක්ද .පැහැදිලි කරන්න .🙏

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!