Wednesday, June 24, 2015

ආගම්, ජාති, භාෂා සහ මිනිස්සු ....

*****************************
අංක 1.

ගිය අවුරුද්දේ අග රියෙදි රාජකාරි ගමනකට ඩුබායි යන්න ලැබුන. ලංකාවෙ අපි තුන් දෙනෙක්. විවිධ රට වලින් පැමිණි අය හිටියා. රැස්වීමෙ අතර මැද දිවා ආහාර විවේකයෙදි අපේ මේසෙට ඇවිත් වාඩි වුනේ  යුරෝපීය පුද්ගලයෙක් .  ඔහු ඉක්මනින්ම අපිත් එක්ක සුහද වෙලා අපේ රට මොකක්ද කියල ඇහුව. 

"අපි ලංකාවෙ" 

ඔහු : "ආ බෞද්ධ රටක්නෙ." ඔබ සමඟ කතා කිරීමත් සතුටක්.

 ඒත් එක්කම මාත් අමග ගිය මුස්ලිම් මිතුරා නැගී සිටියා. 

" නැහැ. ලංකාවෙත් හැමෝම බෞද්ධ නෙවෙයි. මම ඉස්ලාම්. මේ මහත්තයා කතෝලික. මෙයා විතරයි අපි 3 දෙනාගෙන් බෞද්ධ ."  ඔහුගෙන් පැහැදිලි කිරීමක්. 


මම : එතකොට ඔබේ ආගම මොකක්ද මහත්මයා. 


ඔහු : මම බෞද්ධ. තවමත් මම පොත පතින් ඒ ගැන හදාරනව.  



*****************************

අංක 2.

ඕමනයෙදි   මගේ ඉන්දියානු මිතුරියක් එක්ක කතා කරමිනුයි සිටියෙ. .  .  ඒ අතරෙ මගෙ ජංගමයට ඇමතුමක්. ඒකට ඉංග්‍රීසි බසින් උත්තර දීල මම අයෙ මිතුරිය එක්ක කතාව පටන් ත්තා. මෙහෙ ඉන්න ලංකාවෙ කෙනෙක් කතා කලේ. හවසට එහෙ එන්නලු.  මගේ ඇමතුම ගැන ඇයට කීම අනිවාර්‍ය නොවුනත් මම නිකමට එහෙම කිව්වා.

ඇය : අහ් ඔයා එහෙනම් ඇයි සිංහලෙන් කතා නොකළේ. ?

මම : එයාල ලංකාවෙ උනාට ටැමිල් .

 ඇය :  ඒත් මම හිතුවෙ ලංකාවෙ ඉන්න හැමෝම සිංහල දන්නව කියලයි . අපේ ඉන්දියාවෙ ප්‍රාන්ත ගනනට වෙනස් භාෂා මහ හුඟක් තියෙනවා. ඒත් හැමෝම සාමාන්‍යයෙන් හින්දි දන්නව. 

 ??


*****************************

අංක 3.

විදෙස් රටක පිහිටි ජාත්‍යන්තර පාසැලක්. ආසියානු අප්‍රිකානු රටවල දරුවන් පිරුණු පංති ආමරයක්. හැබැයි සිසුන්ගෙන් අඩක් පමණ ලාංකික ( අර සිංහල බෞද්ධ කියන්නෙ ). එදා මා ඒ පාසලේ උගැන්වූ අන්තිම දවස. පාඩම අවසන් වූ පසු මා ඒ  බවත් දරුවන්ට කිව්ව. මම පංතියෙන් එලියට අවිත් කොරිඩෝව දිගේ යනකොට මම හිටපු පංතියෙන් එලියට ආවෙ එක ගැහැනු දරුවෙක්. ඈ පසු පසින් ඇවිත් මගේ දෙපතුල මුල වැඳ වැටුනා . මගෙ උගුර හිර වුනා . මේ වගේ පාසැලක ගුරුවරියකට මේ අත්දැකීම් සුලභ නැහැ. 

ඒත් මම කොහොමද පුතේ බුදු සරණයි කියන්නෙ? 

ඇය බංග්ලාදේශයෙ මුස්ලිම් ජාතික දැරියක්. 

පංති කාමරය තුල සිටි සිංහලේ සිංහ ලේ ඇති දරුවන් මේ සිද්ධිය දැක්කෙ නැහැ වෙන්න ඇති . 



*****************************

අංක 4

මේ දවස් වල ඕමානයේ උපවාස සමය ආරම්භ  වෙලා. පාරක තොටක ප්‍රසිද්ධියෙ කෑමක් කෑවොත් විතරක් නෙවෙයි, වතුර ටිකක් බිව්වත් පොලිස් අත්අඩංගුවට පත් වෙන්න පුලුවනි. ඉතින් අපි හරි පරිස්සම්. මේ අතරෙ මම පකිස්තනු ජාතිකයෙකුගෙ නිවසට ගියේ මහ දහවලේ.  හරිම පිපාසයෙන් හිටියත් උඩින් කියපු හේතුව නිසා වතුර ටිකක් ල්ලන්න මගෙ දිව නැමුනෙ නැහැ.  ඒත් වැඩි වෙලා යන්න කලින් ඔහු මගෙන් ඇහුව වතුර එකක් ගේන්නද කියල. 

මම ඇහුව ඔයා ෆාස්ටින්ග් නේද? ඒ නිසා ඕනෙ නැහැ  කියල. 

මම ෆාස්ටින්. ඒත් ඔයා වතුර බිව්වට මට ප්‍රශ්නයක් නැහැ .

වතුර දීල ටික වෙලාවකින් ඔහු ආවෙ බිස්කට් සමඟ කිරි තේ  බන්දේසියක් එක්ක. 




                                                  *****************************

ඉහත  සිද්ධි කියවද්දි ඔයලගෙ හිතට ආපු දේවල් අහළින් කමෙන්ට් කරන්න. මමනම් මුකුත් කියන්න යන්නෙ නැහැ. මේකෙ ඔළුව බේරගෙන ඉන්ටත් එපැයි. 

ප. ලි. : "මේක සිංහල බෞද්ධ රටක් හරිය ?"  ඔව්. අපි ජාති වාදී තමයි. ඇයි මොකද ?  




4 comments:

  1. කියන්න දෙයක් ඉතුරු නොකරපු පෝස්ට් එකක් ආයෙ මොනව කියන්නද... කියන්න ඕන ඔක්කම කතා හතර ඇතුලෙ හැංගිල තියෙයි...
    අපේ රටේ හුගක් අය ඉන්නෙ නමට විතරක් ලාංකික නමට විතරක් බෞද්ධ හන්ද ඉතිං ඉදල හිට ඔය වගේ දේවල් වලට මූණ දෙන්ට වෙනව
    නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මහේෂ් . මේව කියලත් බැහැ. නොකියත් බැහැ.

      Delete
  2. මම ඔය දණ ගහල වදින වැඩේට නම් කොහොමත් අකමැතියි. ඒක හොඳ කමට වඩා නියාලු කමට කරන දෙයක් බවට පත් වෙලා තියෙන නිසා. මගේ ළමයින්ට මම දනගහන්න කියන්නේ මගේ අම්මට විතරයි. (එයාලගේ කිරි අම්මට ) . ලංකාවේ හැමෝම සිංහල දන්නවා නම් හොඳයි. මන් දන්නා විධිහට හුඟක් දකුණු පැත්තේ ජිවත් වන මුස්ලිම් සහ දෙමල අය සිංහල කතා කරනවා. යාපනේ හා නැගෙනහිර තමා නැත්තේ. බලෙන් නැතුව විදුහල් වලට විෂය එක් කරාම ඉවරයි.

    ReplyDelete
  3. දන ගසා වැඩීමේ ලොකු අර්ථයක් ගැබ් වෙලා තියනවා එක මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නේ අපේ සිංහල මිනිසුන් ගොඩක් වෙනස් මුස්ලිම් මිනිස්සු එහෙම නැ ඒ ගොල්ලෝ එකක් කිවුවොත් හැමෝම එකට එකයි තමගේ මිනිහට පිට මිනිස්සු ඉස්සරහ හරස් වෙන්නේ නැ ඉස්සරහ තියා පස්සේ වත් අපිට මොනවත් කියා ගන්න බැරි වදාම්පු නැති තටමනකොට වටිනු සමහර සිංහලයෝ නිසාමයි.සැර වැඩිද මන්ද ?කොහොම උනත් හොද ලිපියක්

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!