Monday, January 5, 2015

මෙන්න ඇත්ත.. දත් ඇන්ද ගැලවෙන්ඩ ඉස්සෙල්ලා..




මාසෙකටත් වැඩිය කාලයක් මේ පැත්තෙ එන්න බැරි වුනානෙ. වැඩි ඉසිඹුවක් නැතත් නොකියාම බැරි  කාරණාවක් නිසා ඇවිත් කියලා යන්න හිතුන. 
ඔයාලා වැඩි දෙනෙක් අවධානය යොමු නොකරන පුංචි කාරණාවක් මේ . හැමෝම දැකල ඇති දන්තාලේප  ටියුබ් එකේ අග කොටසේ පුංචි ඉරි කෑල්ලක් තියෙනවා. මේ ඉරි  කෑල්ල අපට ලොකු කතාවක් කියනවා. අන්තර් ජාලයෙන් තමයි දැන ගත්තෙ.




මේ ඉරි කෑල්ල කොළ පාටනම් කියවෙන්නෙ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ස්වභාවික ද්‍රව්‍ය අඩංගු බවයි
නිල් පාටනම් ස්වභාවික සහ බෙහෙත් ද්‍රව්‍යත් අඩංගුයි. 
රතු පැහැයෙන් තියෙන ඉරෙන් කියන්නෙ ස්වභාවික සහ රසායනික ද්‍රව්‍ය වල මිශ්‍රණයක් බවයි
කළු පැහැති ඉරක් නම් එයින් කියවෙන්නෙ සම්පූර්ණයෙන්ම රසායනික නිෂ්පාදනයක් බවයි. 

 මේක හිතේ තියාගෙන අපි ලංකාවෙ කඩ සාප්පු වල දත් බෙහෙත් පෙට්ටි ඇරල බැලුව. ඒ බොහෝමයක තිබුනෙ කලු පාට සහ රතු පාට. නිල් පාට හම්බ වුනෙත් එකම එකයි. ආශ්චර්‍යක මහත කියන්නෙ ඕං ආයුර්වේද, හර්බල් වගේ ලේබල් ගහපු පෙට්ටි ඇතුළෙනම් තිබුනෙ කලු පාට විතරමයි.   කොළ පාට නම් එකක්වත් දැක්කෙ නෑ. දැක්ක කෙනෙක් ඉන්නවනම් නමත් එක්ක පහළින් කොමෙන්ටුවක් දාන්න. 

ඒ පාර ඕමාන් ඇවිත් කඩේ ගිය පාර දුවගෙන ගිහින් බැලුවෙත් ඒකමයි. මිල නිසාම තත්වය හොඳයැයි අපි හිතන ලංකාවෙත් තියෙන නිෂ්පාදනයක් බැළුවම ඒක අරින්න බැරි වෙන්න අලවලා. ඇසුරුමෙන් මේක පරීක්ෂා කරන්න බැහැ. 

ඒ අතරේ එකම එක කොළ පාට එකක් හම්බ වුනා. මේ තියෙන්නෙ ඒක.

මේ තියෙන්නෙ ඒ සේරටම වැඩිය හොඳ එකක්.
බෝඹු අත්තක් පිංන්තූරය ගත්තෙ මෙතනින්. http://www.slbutterflies.lk/Larval.php?id=97 ) 

පොඩි කාලෙ නාන්න ගියාම ළිඳ අයිනෙ ගහකින් කඩල නිශ්පාදනය කරගත්තු  in built ඖෂධීය ශාක සාර කැටි කරගත් බෝඹු කෝටුව. 

 (ප. ලි. දැන්වත් ඉතින් අනුන්ට කඩේ නොගිහින් තමන්ට කඩේ යමල්ලා. හොයලා බලලා බඩු ගනිල්ලා. )


10 comments:

  1. කඩේ යන්නේ නෑ. 8 වෙනිදා කෙලින්ම මෛත්‍රීට කතිරේ ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඔයා අන්තිම වාක්‍යය විතරද කියෙව්වෙ අනේ ..හික් හික් ...

      Delete
  2. ඔයිට කලිනුත් මේ වගේ කවුරු හරි කියල තිබ්බ
    මාත් ඒ වෙලාවෙ ඔය වැඩේ කරල බැලුව
    හැම එකම කළුයි
    ඒත් මගෙ කරුමෙට ඔය කියන සුපිරිවීකී සුදන්ද අරක මේක හමුබුනේ නෑ ඊට පස්සෙ ඒක අමතක වෙලාම ගියා...
    ආයෙ හම්බුනොත් මතක් කරල බලන්ට ඕන

    ReplyDelete
    Replies
    1. සුපිරිවිකිත් කලු නේද ?

      Delete
  3. මේ විස්තරේ කලිනුත් කියවලා තියෙනවා වගේ මතකයි... කොහොම උනත් මේවා දැනුවත් කරන එක වටිනවා.. ගොඩක් අය නම බැළුවට මේවා බලන්න යන්නේ නැහැනේ..

    ReplyDelete
  4. බෝඹු කෝටුව කියන්නේ මේකටයි කියල දැනුයි දන්නේ.

    ReplyDelete
  5. ඔය ඇත්තමද අජිත් ? බොරුද කොහෙද..

    ReplyDelete
  6. https://www.lovelcute.com me blog ekath add karaganna

    ReplyDelete
  7. The 8 Best Casinos in Washington, DC
    The 8 Best 계룡 출장샵 Casinos in Washington, DC · 8Bitdo Casino · LuckyLand Casino · Harrah's Cherokee 의정부 출장마사지 Casino · Caesars Casino 통영 출장안마 · MGM Grand 제천 출장안마 Casino · 제주도 출장마사지 Caesars

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!