Friday, March 14, 2014

සුදු හාමිනේ...

තම දරුවන් නොසලකන්නේ යැයි කලකිරීමට පත් වී දෙමව්පියන් වස බීලා - පුවතක් ..



සුදු හාමිනේ...
මට හොඳටෝම මතකයි
උඹල කැන්දාගෙන ආපු දවස...
ඉස්සරෝම හදා දීපු රණවරා කෝප්පෙ  රහ..
මං එක බොනකම්ම
හිනා වෙවී බලං උන්නෙ
හෙට දවස ගැන හීන  
මගෙ මූනෙ පෙණුනාද ?

එදා ඉඳන් දින මාස 
අවුරුදුත් කීයක්නම් ගෙවුණාද?
හැබෑටම සුදු හාමිනේ
ගේ පුරා කිරිසුවඳ පැතිරෙද්දි..
පොඩි කටවල් වැඩි වෙද්දි
බඩගින්න හංගාන
දංකුඩෙත් එවුන්ටම කැව්වාද..?

අනේ අද උන් කොහෙද?
නෑ ඕනෙ නෑනෙ බං...
පත්තරේවත් ගියොත් 
උන්ටමනෙ හොඳ නැත්තෙ..

දැන් ඉතින් කුලියකටවත් යන්ට 
හයි හත්ති මදි වෙච්චි..
අද වගේ දවසකදි
කුරුමිනාසකෙත් මට 
රණවරා මල් රහයි..

ජීවිතේ පුරාවට 
ලඟ උන්නු එකී නොවැ..
යන ගමනටත් ඉතින් 
උඹ නැතිව වෙන කවුද..?
ජීවිතේ බෙදා ගත්තා වගෙම 
මේ කුප්පියත් ඉතිං 
පිරිමැහෙයි හොඳටෝම..

මං - ළමයිංගෙ තාත්තා.
       (ගුණේරිස්)

7 comments:

  1. මේ ප්‍රශ්ණය ඉදිරියේදී විශාල ප්‍රශ්ණයක් වෙයි.. මොකෝ අද ළමා පරපුර දෙමාපියන් පිළිබඳව පුදුම වෛරයකින් ඉන්නේ.. ඒ ඔවුන්ගේ ළමා කාළය ඔවුන්ගෙන් උදුරා ගන්නා නිසා..

    ReplyDelete
  2. එහෙම හිර කරල තියගෙන බල කරලා උගන්වනකොට ළමයින්ගෙ පරිකල්පන ශක්තිය නැති වෙනව. එතකොට තමයි ඔය පිස්සු කෙළින්නෙ.

    ReplyDelete
  3. ගුනේරිස්ල සෝමවතිල ඔය විදියට යන ගමන් තවත් වැඩිවෙයි....
    හැබැයි මම හිතන්නෙ දෙමව්පියන් තම දරුවන්ට කලයුතු,යුතුකම් නොපිරිහෙලා ඉටු කරන විට තමන් කරන ලෙසටම රිටන් එකත් දරුවන්ගෙන් ලැබෙයි කියන අදහස සිතින් ඉවත් කොට කරනවා නම් ඔය ගතිය අඩු වෙයි කියල.
    මේ මගේ සිතිවිල්ල...

    ReplyDelete
  4. කාලයත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙලා.. පොතේ දැනුමට විතරක් සීමා වුන අය ඉදිරියේ බිහිවෙද්දී සාරධරම ගැන ඉතින් හිතන්න දෙයක්වත් ඉතුරු වෙයිද මන්දා..

    ReplyDelete
  5. Lap eka kedila. reply nethuwata sama wenna one. @ Dinesh and Kenji

    ReplyDelete
  6. ඇත්තටම මේක අපි පොඩි කාලේ ඉදලම ළමයින්ගේ හිතට ඇතුළු කරන්න ඕන දෙයක්.

    ReplyDelete
  7. එන්න.රසකතා තියෙන බ්ලොග් එකක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!