Friday, February 7, 2014

දරුවන්ට අහන්න දෙන්න හොඳ ගීතයක්..


අපේ පාසලේ උදේ රැස්වීම වෙනුවෙන් දරුවන් ලවා යම් දෙයක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මේ ගැන කල්පනා කරද්දි මට ඉතාම ලස්සන ගීතයක් අහන්නට ලැබුනා. මෙහි අර්ථවත්  බව නිසාම ඔබත් එක්ක බෙදා ගන්න සිතුනා.ඉතාම ලස්සන සරල පදමාලාවක්. නමුත් මේ හරබර වදන් පෙළේ  හිමිකරු හෝ හිමිකාරියනම් මා දන්නේ නැහැ. දන්නවානම් දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

ඇත්තටම මෙවන් ගීත දරුවන්ට අහන්න සැලැස්වීම දෙමාපියන්ගේ යුතුකමක්ද වෙනවා.

සෙන්පතියන් ගැන නැව් පතියන් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒඇයි මගෙ හොඳ අම්මේ

සෙන්පතිකමටයි නැව් පති කමටයි
නම ගිය සිංහල ආරේ
ගති නෑරේ පුත ඒකයි ඔබටත්
ඒ ගැන එතරම් ආසා

මහපඬිදුන් ගැන මහ කිවිඳුන් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒඇයි මගෙ හොඳ අම්මේ

මහ පඬි රුවනට මහ කිවි වරුනට
තෝතැනි වූ ලක් දූවේ
හෙළ පුතෙකුව ඔබ ඉපදුනු පිනටයි
ඒ ගැන එතරම් ආසා


හේන්කුඹුරු ගැන ගොපලු ලියන් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒඇයි මගෙ හොඳ අම්මේ

ඈත එපිට සිට ගොවි රජ දහනකි
සෝබන සිරිබර ලංකා
ගොවි කම ඔබටත් උරුම නිසාවෙනි
ඒ ගැන එතරම් ආසා


එඩිතර කම් ගැන බිය නැති කම් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒඇයි මගෙ හොඳ අම්මේ

එඩිතර  කමටයි බිය නැති කමටයි
පෙර සිට සුපතළ  හෙළයේ
ඉපදුනු ඔබහට ඒ ගති නැතිනම්
එය නොවැ  පුදුමය පුතුනේ..

ගායනය : අමරා / පුලස්ති රණතුංග

පුංචියට visual පාරකුත් දැම්මා ඕං..






5 comments:

  1. ඇත්තමයි ඔයාගේ අදහස ගොඩක් වටිනවා ..ගූගල් + එක fb එකේ ශෙයා කරන්න

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි ළමයි හැදුවේ..

      Delete
  2. මේ ගීතය ගයන මාහාචාර්ය අමරා රණතුංගයන් දැන් අවුරුදු 70කටත් වඩා වයසයි මගේ හිතේ. පුතා පුලස්ති අවුරුදු 40-50 අතර ඇති.

    අමරා- දයාරත්න යුවලට දිඝායු පතමි!!

    ReplyDelete
  3. දැනුවත් කළාට ස්තූතියි. ලියපු කෙනා ගැනත් දැනගන්න ආසයි.

    ReplyDelete
  4. මම දන්නා පරිදි ගීතය ගායනය – මහාචාර්ය අමරා රණතුංග මහත්මිය සමග පුලතිසි රණතුංග මහතා

    ගේයපද – හියුබත් දිසානායක මහතා

    සංගීතය – මහාචාර්ය අමරා රණතුංග මහත්මිය

    ස්තූතියි.

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!