Sunday, January 19, 2014

නික්මී යන්නෙමි


 
දිවි හිමියෙන් පැදකුනු කළ පුදසුන
අන් සතු මල් ගෙන සැරසී උන් සඳ
නික්මී යන්නෙමි මේ බිම හැරදා
අන් මගකුත් නැත මේ මග මතු නොව

ඔබයි පෙන්නුවේ දිවි මග සළකුණු 
ආලෝකය සහ අඳුරෙහි වෙනසත්
එහෙත් සබඳ ඔබ හිරු සේ දිලෙමින් 
එළිය කළේ මගෙ ලොව පමණක් නොව

නික්මී යන්නෙමි මේ බිම හැරදා
අඳුරු ගුහාවක සීතල සෙවනට
තනියට මා ලඟ ඉතිරිව ඇත්තේ 
ආත්මගත වූ මතකය පමණකි

අවසානය තව දුරකද නොදනිමි
ඔබ ගැන සිතිවිලි මතකය පමණකි
ආ මග දෙස යළි හැරී බලන්නට
එකම එක වරක් අවසර දුන මැන..

2 comments:

  1. නික්ම යාමට පෙර එක් මොහොතකට හෝ නැවතත් හැරී බැලීමට සිතිම………

    ලස්සනයි සප්‍‍රි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!