Saturday, December 14, 2013

මම නොවන මම




එක් වසන්ත සමයක
වෙනදාට වඩා මල් පිපී තිබුනා..
වෙනදා නොදැනුනු සුවඳක්
හදවතට දැනුනා..
මම මොබයිලේ තුරුලු කරගෙන

ඔබ සමඟ කොඳුරමින් සිටියා..
ඔබ දහස් ගවුවක් දුර වුව
අත ලඟම හිඳී යයි දැනුනා.

 "IDD කාඩ් වලට ඔබට හුඟක් වියදම් නොවැ..
මම එහෙනම් තියන්නම්.."

"නෑ ඔයා කතා කරන්න​.
මම අහගෙන ඉන්නම්.."

මම ඉතින් හදවතම විවර කර
වචන බවට පෙරලුවා..
ඔරලෝසුවෙ තත්පර කටු විනාඩි කටු
පැය කටුව එක්ක තරඟෙට දිව්වා..
අපි එක වහලක් යට කූඩු වෙලා හිටියා..


"මොකද අනේ හැම තිස්සෙම කියවන්නෙ?
නැන්දම්මා වගේමයි.."

මේ ඔබමද ඔබේ හඬද?
මට සිතුනා..
මම ගල් වුනා.. ගොලු වුනා..  ...
හදවතේ ගැඹුරු තැන්

බිඳුනු තැන් රිදුනු තැන්
වසා දැමුවා..
නවතන්න බැරි ජීවිතය ගලා ගියා..
දහසක් ගැටුම් වැටුම් මැද​
මම නොවන මම කෙනෙක් බිහිවී තිබුනා..

4 comments:

  1. සප්‍‍රි, නියම අදහස මචං "මම නොවන මම"

    බ්ලොගේට ගැජට්ටු ට්කක් එල්ලහන් මචං. (බ්ලොග් ෆලෝ, උඹ ගැන විස්තර දැන ගන්න එකක්.) වගේ අත්‍යවශ්‍යම ටිකක්.

    අනික කැමතිනම් විතරක් පෝස්ට් අතර පොඩි පරතරයක් තියලා දාහන්.

    උඹට ජය.!

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ඉන්ටනෙට් නැතුව , සින්හල ටයිපින් නැතුව අමාරුවෙන් බ්ලොගේ ඇදගෙන යන්නෙ. ලියපුවා ඔක්කොම ඉඩක් ලැබුනම දාන්නෙ එකයි. ඉස්සරහට වඩාත් ගුනාත්මකව බ්ලොගේ ලියන්නම්. තෑන්කූ වේවා අදහස් වලට​.

      Delete
  2. බොහෝමයක් "මම නොවෙන මම" අය වෙසෙන ලෝකයක් තමයි මේක සප්‍රි....."මට මම වෙන්න" බොහෝ කාලයක් යනවා....සියළු බැඳීම් වලින් ඉවත්වෙන්න වෙනවා. එහෙම නැත්නම් බැඳීම් අවම කරගන්න වෙනවා. ඒක ලේසි වැඩක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඕක තමයි ඉතින් ජීවිතේ..

      Delete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!