Thursday, May 7, 2015

හද බිම සුරකිමු පුද බිමක් සේ ...





නිකමට හිතන්න .. ඔබට දෙමව්පියන්ගෙන් උරුම වුනු බිම් කඩක් තියෙනවා. නිවහන සමඟ ගෙමිදුල. ඔය මිදුලෙ තව කවුරු හරි ඇවිත් ගෙයක් හදන්න අත්තිවාරම් දමනවානම් ඔබ බලා ඉඳීවිද ? 

ඇයි අපිට අපේ නිජ බිම අපේම දෙයක් .. අපි ඒ වෙනුවෙන් හඬක් නැගිය යුතුයි කියල හිතන්න තරම් පරාර්තකාමි වෙන්න බැරි...?

මම මේ කියන්නෙ මේ රටේ සාමාන්‍ය  ජනතාවටනම් නෙවෙයි. ජනතා හඬ කොයි තරම් ප්‍රභලද අපේ හඬට කොයි තරම් ඉඩක් තියෙනවද කියල දන්නෙ අපිනෙ. ඒත් හඩක් නැගිය හැකි මිනිසුන් නිහඬ  ඇයි කියන එකයි   ප්‍රශ්නෙ .

මේ විල්පත්තු අර්බුදය අද ඊයෙ ඇති උනු එකක් නෙවෙයි. 

මේ දේවල් රහසෙ කරන්න පුළුවන්ද? මෙච්චර විනාශයක් වෙනකල් නොදැක ඉන්න නිලධාරීන් අන්ධද ?

අපේම මිදුලෙ කොස් ගහක්වත් කපන්න අවසර නැතුව බැහැනෙ..


කොහොම උනත් දැන් හරි මේ ගැන සමාජ ජාල හරහා හඬක්  නගන එක ලොකුම ලොකු දෙයක්. 

බුකියෙ මේ ගැන කියන පිටුවට මෙතනින් ගිහින් ලයිකුවක් දාන්න.

අපේ හඬ ලෝකෙටම ගෙනියන්න පෙත්සම අත්සන් කරන්න මෙතනින්. 

බුකියෙන් උස්සපු  එකක් ..




මේ ගැන හිතනකොට ඉතින් අපේ පැරැන්නො කියපුවා මතක් වෙනව. කට කහනවට නෙවෙයිනෙ කියන්න ඇත්තෙ. 

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව.. 

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියාගන්න එපා. 


 අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ හැමෝම ඇගිල්ල දික් කරන්නෙ බදුර්දීන්ට. ඒත් ඒ පුද්ගලයාට ඒ තරම් බලවත් වෙන්න දුන්නෙ කවුද ? තනතුරු සහ බලය නොතිබුනානම් ඔය දේවල් කරන්න පුළුවන්ද ? 
 ඒ බලතල ඔහුට ප්‍රදානය කරපු අය වැරදි නැද්ද?


ප.ලි. මගේ හිතට ආපු පුංචි සිතිවිල්ලක් ..

නිල්  තුරු වදුලු නෙක මල් පල වන සත්තූ
පලවා   හැර  සදති   පුරවර     මනු   සත්තූ
වන   රජ දහන්   තුරු නිවහන් ඩැහැ ගත්තූ
උන් මැඩ  හෙළා   රැක ගමු   අපි විල්පත්තූ



        


4 comments:

  1. ඔටු......................

    අර රූපයනම් නියමයි........

    ReplyDelete
  2. බදූර්දීන් ට මොකුත් කියන්න එපා. එයා යහපාලනයේ අත්‍යවශ්‍ය පුරුකක්. ම‍යිත්‍රීපාල ට මේ වෙලාවෙ ඕවා පේන්නේ නැතුව ඇති හිටං...!

    ReplyDelete
    Replies
    1. ක්‍රියාත්මක වෙලා නේද හිටං ..

      Delete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!