Wednesday, March 18, 2015

සංක්‍රාන්ති..




තුන් දහස් ගව් එහා 
මහ නගර මායිමේ 
වැඩ බිමක සිරව කල් ගෙවනවා 
දිවා රෑ තනි කමම දැනෙනවා 



අධිවේග මාවතේ යනෙන දිගු විසල් රථ 
මගේ හිත අතීතෙට යවනවා 

ටැංකි පටවා ඇදෙන දිගු රියක වැඩ කරපු 
මහිමි උදයේම ගෙට ආපු හැටි මැවෙනවා...




වැඩ බිමේ මායිමේ අළුත්වැඩියාවකට 
බැකෝ රථ ලහි ලහියෙ 
පස් ගෙනත් බානවා 
මගේ හිත අතීතෙට ඇදෙනවා 

සෙල්ලමට හිත ඇදුණු  පුංචි පුතු අත රැඳුනු 
බැකෝවෙන් මිදුලෙ වැලි ගේනවා 
      කුලී ගෙයි ටයිල් බිම මාලිගා හැදෙනවා 



සිසිරයේ කෙළවරදි කහ ගැහුණු කොහොඹ කොළ 
වියළි සුළඟට සිසිල සදනවා 
මගේ හිත අතීතෙට දුවනවා


යහළු නිවෙසක ගොසින් දැඩි ලොබින් අරන් ආ 
මුදුන් මුල කැඩුනු ඒ කොහොඹ පැල මැවෙනවා 
ඒවලට පණ එන්න අළුත් දල්ලක් දෙන්න 
සෙනෙහසින් මං වතුර දානවා 






5 comments:

  1. බොහොම අගෙයි.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ..නැවත එන්න .

      Delete
  2. Replies
    1. එහෙමමත් නෙවෙයි කුරුටු . මෙහෙ දේවල් දකිද්දි ඒවට සම්බන්ධ අතීත සිද්ධි මතක් වෙනවා . ඒකයි . තැන්කූ ආවට .

      Delete
  3. jeevithayaka hati ohoma thama

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!