Wednesday, February 18, 2015

කුරුම්බා - Coconut juice with pulp

කාලෙකට පස්සෙ මම මහ ගෙදරට ගොඩ උනා ..

පුතේ , මහන්සිද? කුරුම්බා ගෙඩියක් කපන්නද ? ඒ තාත්ත.

හා . තාත්ත දන්නව මම කවදත් ඒකට මනාපයි කියල.
ටිකකින් මම කුස්සියට යනව.
දුව ආසයිනෙ. මේ ලොඳ ටිකත් දාලම දෙමු. "
තාත්ත කුරුම්බ ගෙඩිය උඩින් ලොකු වීදුරුව තියල ටක් ගාල ඒක උඩ යට මාරු කරනව. වතුර ටික සීරුවට ගෙඩියෙන් වීදුරුවට මාරු වෙනව.
ඊට පස්සෙ කුරුම්බ ගෙඩියෙ පිට පොත්තෙන් කෑල්ලක් කපා ගන්නව. ඒ තමයි හැන්ද. ගෙඩිය පලල ඒ ලොඳ ටික අර හැන්දෙන් අරන් වීදුරුවටම දානව.

සීනි ටිකකුත් දාන්නද පුතේ ?

එපා තාත්තෙ මෙහෙම හොදයි.

--------------------------------------------------------

ඔය සේරම මට මතක් උනේ මාකට් එකේදි දැකපු මෙන්න මේ භාණ්ඩෙ නිසා .



මෙන්න අන්තර්ගතේ 


ඒ සිතුවිලිත් එක්කම කඩල ගත්ත බොන්න පුළුවන්ද බලන්න . 

අපොයි තියෙන පුස් රහ . කටේ තියන්න බැහැ. 

" ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ ....." 


10 comments:

  1. ඇයි එහෙම පුස් රහක් එන්නෙ

    ReplyDelete
    Replies
    1. මේකෙ තියෙන රසායනික සංයෝග වල රස වෙන්න ඇති මම හිතන්නෙ.

      Delete
  2. අඩේ කුරුම්බා ගෙඩියක් බීපු කාලයක් මතක නෑ..

    ReplyDelete
    Replies
    1. බොන්න බොන්න . ලෝකයෙ තියෙන හොඳම ශක්තිජනක පානයලු .

      Delete
  3. කුරුම්බ
    හුහ් මේ තියෙන්නෙ වදුරොනෙ බොන්නෙ ඒ හන්ද තමා ඒනං උං ඔච්චර කෙලි කොරන්නෙ
    බොන්න බොන්න . ලෝකයෙ තියෙන හොඳම ශක්තිජනක පානයලු .////

    දෙන්නං වදුරන්ට දොඹෙන්...
    කුරුම්බ ලොද ඇරං පදම් කරල හදනව දෙයක් කියන්නෙ නටා ඩි කොකෝ කියල ඔය කඩෙං ගන්න තියෙන ජෙලි ඩප්පි වලට එහෙම දාල තියෙනව දැකල තියේ...
    (අර පොඩි උං කන ඒව ඈ)

    ReplyDelete
  4. "නටා ඩි කොකෝ" අදයි ඇහුවෙ ඒ නම ..

    ReplyDelete
  5. කුරුම්බා කිව්වම මතක් වෙන්නේ ජපනගේ පොල් වත්ත...... පුහ්... දැක්කම දුකේ බෑ.....
    ............................................................................................................
    මම ඇඩ්මින් -> Eසිංහල95

    ReplyDelete
    Replies
    1. වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා වගේ කිව්වලු .

      Delete
  6. naveena loke wenas wena vidiha thama

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!