Saturday, January 31, 2015

මස්කට් - මුහුදු වෙරළක දසුන් පෙළක්

නිවාඩු දවසක ගිය සුන්දර ගමනක් ..

 ලංකාවෙ වෙරළක දකින්නට නොලැබෙන විදියේ සතුන් සහ දර්ශන මෙහිදී දක්නට ලැබෙනවා. මේ තමයි මස්කට් . මැද පෙරදිය පිහිටි පිරිසිදු කමින් ඉහළ නගරයක්. ඉතා සංවිධානාත්මකයි. නිවාඩු දවසකදි දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ දැකගන්න පුලුවන්.


මේ තියෙන්නෙ  මත්‍රා වරාය. අතීතයේ පෙර අපර දෙදිග මුහුදු ගමන් වල අරාබි මුහුදෙ සන්ධිස්ථානයක්. ඕමානයේ තෙල් සම්පත හොයා ගන්න කලින් මේක තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. තවමත් කලාපයේ ප්‍රධානම වාණිජ වරායක්. අතීත තොරතුරු වැඩිමනක් දන්නේ නැහැ. එක් කලෙක මෙය පෘතුගීසින්ට යටත්ව තිබූ බවක් අසා තිබෙනවා.



ඕමානයේ සාම්ප්‍රදායික කර්මාන්තයක් වන ලී යාත්‍රා මෙහෙදී දැකගන්න පුලුවනි.




ඕමානයේ සාම්ප්‍රදායික සංකේතයක් වන සුවඳ දුම් බඳුනක (incense burner)  විශාල ආකෘතියක් මේ. ඈත සිටම මුහුදු යාත්‍රා වලට මෙය දැක ගත හැකියි.



වට පිටාවෙ තියෙන  හැම ගලක් උඩම මේ වගෙ බලකොටු තියෙනව . ඔත්තු බලන්න පාවිච්චි කළා  වෙන්න පුලුවන්. 


මෙන්න බල කොටුව ඇතුලෙ තිබුන දේ.



මත්‍රා  මුහුදු වෙරළ (MUTRAH CORNICHE) 



මේ අරුම පුදුම සත්වයා මා කම්පනයට පත් කළා. සතෙක් වුණත් උන් තැනින් සෙලවීමටවත් නොහැකියි. මේ කවචය ගලට ඇලිලයි තියෙන්නෙ. මේ කටුව ඇතුළෙ ඉන්නෙ හංගොල්ලෙක් වගේ සතෙක්. පේනව නේද?
  බානකල් (Barnacles)






                                  ඉකිරියා
මේ ඉන්නෙ ඉකිරියා. මෙයාගෙ කටු ගොඩ දැක්කම කවුරුවත් මෙයා ළඟට එන්නෙ නැහැ. ඉතින් ඔහේ ගලකට ඇලිලා ගලේ තියෙන දෙයක් කාලා ඉන්නව. කොරල් පර හදන්න මුල් වෙන කොරල් බුහුබාවනුත් මෙයාගෙ ආහාරයක්. ඒ නිසා මෙයාල වැඩි වුනොත් ඒක තර්ජනයක්. මේ කටු ඇනුනොත් ඒකත් විශ සහිතයි. 




මුහුදු ඛාදනය වළක්වන්න ගත්ත සාර්ථක උත්සාහයක්


බයිසිකල් පදින්නත් දෙනව .. " Take a breath" : Ride for free on mutrah corniche"



ඔන්න ඔහොමයි දවසක් ගත වුනේ ...

3 comments:

  1. අර උඩම තියෙන්නෙ යුධ නැවක්නෙ. ඒ කියන්නෙ තාම බලකොටුවක්! බයික් සල්ලිවලටද නිකන්ද දෙන්නෙ?

    ReplyDelete
  2. හරි පුදුමයි. මෙ බයිසිකල් දෙන්නෙ නිකං. යුද නැව් ගැනනම් ඒ තරම් දන්නෙ නැහැ.

    ReplyDelete
  3. ලස්සන පින්තුර ටිකක් . වැඩිය දන්නේ නැති රටක් ගැන.

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!