Saturday, December 14, 2013

ඊස්ට් ඕ වෙස්ට්.. හෝම් ඊස් ද බෙස්ට්.. ( Home sick)



"බුදුරජාණන් වහන්සේ මේ වනගත පාරේ ගසක් යට වැඩ හිඳ කුමක් කරන්නේදැයි විඩුඩභ කුමරු විමසූ විට උන්වහන්සේ කුමරුට ප්‍රකාශ කළේ මාගේ නෑදෑයන්ගේ ඇඟේ හැපී කිඹුල්වත් නුවර දෙසින් හමා එන සුළඟ පවා සිතට සුවඳක් සේ දැනෙන බවයි."  සියලු කෙලෙස් සන්සින්ඳවූ බුදුන් වහන්සේට වුවත් තම ගම් බිම් පෙදෙස නිරාමිස සුවයක් ගෙනා බවට සැකයක් නැහැ.
 
ආර්ථික සැඩ​  පහරට අසු වෙලා එහෙමත් නැත්නම් අද්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් කුමන මහාද්වීපයක කුමන රාජ්‍යයක ලැගුම් ගෙන සිටියත් පොඩි ඉඩකට හරි ලංකාවට දුවගෙන යන්න අපි කැමතියි. පුංචි කාලෙ
 2 වසර සිංහල පොතේ තිබුනු "පුංචි අපට සිරි සැප දෙයි සිරි ලංකා දීපේ.." කියන කියමන අදට ඒ තරම් වලංගු නැතත් ඉපදුනු මව් බිමේම ජීවත් වෙලා මැරිලා යන්න ඕනෙ කියන්න තරම් රට ගැන මහා ආදරයක් ඉතුරු වෙලා නැතත් ලංකාවට මටත් යන්න ඕනෙ කියන්න හේතු තියෙනවා..
 

අංක 1:  මම මෙහෙ හිටියට මගෙ ඇස් දෙක ලංකාවෙ..

අංක 2:  ඔමාගෙ ලිපියකින් අහුලගත්ත "සඳ හාමිනේ මගේ දරුවන් උකුලෙ තියා"  ගීතයේ වගේ උන්ට මාව  අමතක වෙයිද කියන බය​..

අංක 3:  අම්මා උයන පොළොස් මාලුවක රස බැලීමේ ආසාව​..

අංක 4:  හැමෝම ලංකාවට දුවන මේ කාලෙ මටත් ගෙදර දුවලා එන්න පොඩි අවස්තාවක් ලැබිලා තියෙනවා..

ඔන්න ඔය කාරණා නිසා මටත් මේ දවස් වල හෝම් සික් වගේ වගේ..

"හෝම් සික්"  ගැන ලියවුනු මම අහපු ලස්සනම ගීතයක් තමයි මේ තියෙන්නෙ...

http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1107/kiri-wehera-wanda-wage-lakshman-hewawitharana-sinhala-mp3.html

 
ගායනය : ලක්‍ෂ්මන් හේවාවිතාරන
රචනයනම් කාගෙද කියලා හොයා ගන්න බැරි උනා.

මේ ගීතය මම දාලා තිබුනෙ අම්මා ගැන සින්දු  තියෙන ෆෝල්ඩර් එකේ උනත් මේක අයිති " හෝම් සික් " තේමාවට කියලා මට දැන් හිතෙනවා..
ඒකට දාන්න පුලුවන් තවත් ගීත ගොඩක් තියෙනවා...
( තවත් මතක් උනොත් පහලින් කොමෙන්ටුවක් දාන්න​.)

මේ හැම සිංදුවෙම තියෙන අදහස තමයි තමන් ගෙ ආදරනීයයන් ලඟ දැනෙන සුවයට සැනසීමට අපි ලෝබයි කියන ඇක​.

ඒත් මේ පහළ සින්දුවෙ තියෙන්නෙ "හෝම් සික්" කාරයන්ට විරුද්ද වාදියෙක් කියන සින්දුවක්. සරසවි නිවාඩුවට ගෙදර යනකොටත් තමන්ට අමතක කරන්න බැරි දෑස වෙනුවෙන් තමයි මේ ගීය ගැයෙන්නෙ..

http://www.youtube.com/watch?v=Xat0pUshRsM



කොහොම උනත් අපි රැඳෙන්න කැමති අපිට ආදරේ කරන අපි ආදරේ කරන අය ළඟ සහ අපට සුවය සලසන පරිසරයක කියන එකනම් සදාතන සත්‍යයක්...

2 comments:

  1. ඔව් සප්රි තමන්ට හුරුපුරුදු හුලඟ පවා ගෙන දෙන්නෙ නිදහසක් සනීපයක් නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් මේ දුවගෙන යන්නෙ ප්‍රියා...

      Delete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!