Monday, December 2, 2013

එකක්ද නැත්නම් දෙකක්ද?



අපට නිතර ඇහෙන මේ වචන වල තේරුම් ඔබටත් පැටලුනාද? මේක හොයා ගත්තෙ මේල් එකකින්. බලන්නකෝ වැදගත් වෙයිද කියලා....

  •  


බලපානවා (Affect) යනු ක්‍රියාවකි. බලපෑම (effect) යනු නාම පදයකි.
කිසිවක් බලපායිනම් එය බලපෑමකි. උදා: ගොඩනැගිල්ලක් (effect) ගොඩනගයි (affect).


Crocodile සහ Alligator යන දෙවර්ගයම කිඹුල් විශේෂ වේ. මේ දෙවර්ගයම මිරිදියේ ජීවිතය ආරම්භ කරයි. නමුත් ඇලිගේටරයා කලු පැහැයෙන් යුක්ත වන අතර ක්රොකඩයිලයා ඔලිව් දුඹුරු පැහැයෙන් යුක්ත වේ. ඇලිගේටර්ට ඩැහැගත් ගොදුර කාර්යක්ෂමව ඇඹරීම සඳහා U හැඩැති හොම්බක් හිමි අතර ක්රොකඩයිල්ට පහසුවෙන් මාලු අල්ලාගැනීම සඳහා V හැඩැති හොම්බක් හිමිය.
  •  



මූලිකවම නැව (Ship) ප්‍රමාණයෙන් විශාල වේ. බෝට්ටුව ( Boat) ටොන් 500ට අඩු බරක් සඳහාද නැව ඊට වැඩි බරක් සඳහාද යෝග්‍ය වේ.
නැවක බෝට්ටු වුවද ප්‍රවාහනය කරයි. ( උදා: ජීවිතාරක්ෂක බෝට්ටු ආදිය) නැවක භාන්ඩ ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් අත්‍යවශ්‍ය වන අතර බෝට්ටු වලට එය සෑම විටම බලනොපායි. නමුත් ධීවර බෝට්ටු සඳහා බලපායි.
සමහර විට මෙම අර්ථ දැක්වීම රටින් රටට වෙනස් විය හැක.




මේ වදන් තුනම නිතර මිශ්‍ර වශයෙන් භාවිතා වුවද ඒවායෙහි පැහැදිලි වෙනස් කම් පවතී. Stock යනු එලවලු හෝ මාංශ තැම්බීමෙන් එහි සාරය කැටි වූ දියරයකි. එහි ලුනු අඩංගු නොවේ. ඔබ එය රස ගැන්වීමට ලුනු දැම්මේනම් එයට Broth යන නම භාවිතා කල හැක. එය එක් සුප් (Soup) වර්ගයක් පමණකි. සුප් එකක් යනු රස ගැන්වූ දියරමය ආහාරයකි. එය දියාරු හෝ මඳක් ඝන විය හැක. Stock එකක්නම් එය ලුනු, කුලුබඩු ආදිය යොදා රස ගනවන තුරු අහාරයට ගත නොහැකි බැවින් එය සුප් එකක් ලෙස වටහා නොගන්න.
  •  



සමනළයා ( Butterfly ) දිවා කාලයේ දැකිය හැකි අතර සලබයා (Moth) දැකිය හැකි වන්නේ රාත්‍රි කාලයේය.සමනළයාගේ ස්පර්ශක( Antennas) අගින් ගැට ගැසුනු සිහින් දිග ඒවා වන අතර සලබයාගේ ස්පර්ශක කෙටි ලොම් සහිත ඒවා වේ. නින්දේදී සමනළයා ත‍ටු හකුලාගනී. නමුත් සලබයාගේ ත‍ටු සෑම විටම දිග හැරී පවතී. 
  •  



කාලගුණය (Climate) අදට වඩා හෙට වෙනස්ය. එය නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත වේලාවක තත්වය කියා පායි. ( උදා: අද තෙත් සහිත උනුසුම් කාලගුණයක් පවතී. ) දේශගුණය ( weather) යනු එක්තරා ප්‍රදේශයක දීර්ඝ කාලීන කාලගුණ රටා අධ්‍යයනය කිරීමෙන් නිගමනය කල හැකි තත්වයකි.
  •  



මුලදී "බැඩ්ගේ බීම" ලෙස හැදින්වූ පෙප්සිකෝලා (Pepsi ) සොයාගනු ලැබුවේ 1893 දී උතුරු කැරොලිනාහිදීය. පෙප්සිකෝලා යන නම යෙදුනේ එහිදී හඳුනා ගැනුණු නව එන්සයිමය " පෙප්සින්" නිසාවෙනි. ප්‍රධාන විෂමතාවයනම් පෙප්සි පැණි රසින් වැඩි වීම සහ දැඩි කෝලා රසයයි. ඒ හැරුනු කොට ඒවායෙහි අන්තර්ගතය සමානය. කෝක් ( Coke) හි පළතුරු රසය සහ පෙණ ගතිය මඳක් වැඩිය.
  •  



ඇමෙරිකාවේදී මේ දෙකම බොබෝ දුරට එක සමාන වේ. අතුරු මාරු වශයෙන් යෙදේ. විද්‍යාලය (Collage) සහ විශ්ව විද්යාලය ( University) යන දෙකම උපාධි ප්‍රදානය කරන ආයතන වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය රට වලදී මෙහි යෙදීම පැටලිලි සහගතය. විටෙක (Collage) යනු විශ්වවිද්‍යාලයකට  අනුබද්ධ පාසලක් විය හැකිය. පාසල  (Collage) උපාධිය සඳහා ළමුන් සූදානම් කරන අතර අනුබද්ධ විශ්වවිද්‍යාලය උපාධිය ප්‍රදානය කරනු ලබයි. නමුත් සමහර බ්‍රිතාන්‍ය පාසල් ඇත්ත වශයෙන්ම ද්වීතියික පාසල් ( Secondary School) පමණක්ම වේ. 
  •  





Ghost යනු මිනිස් සිරුරෙන් ඉවත් වූ ආත්මයකි.  Ghoul යනුවෙන් යෙදෙන්නේ මිනිසුන් ලෙස කිසිදා ජීවත් නොවූ වෙනම භූත කොට්ඨාශයකි. අරාබි පුරාවෘත ඇසුරෙන් පැමිණි Ghoul  සංකල්පය සොරාගත් මෘත ශරීර සහ කුඩා ළමුන් ආහාරයට ගන්නා  භූතයෙකි. 

  •  
 




මහා බ්‍රිතන්‍යය ( Great Britain )  යනු භූගෝලීය වශයෙන් එංගලන්තය , ස්කොට්ලන්තය සහ වේල්සය යන කොටස් තුනෙන් සැදුම් ලත් ප්‍රදේශයයි. මෙයට අයර්ලන්තයද එක් වූ විට පොදුවේ එක්සත් රාජධානිය ( United Kingdom)  ලෙස භාවිතා වේ.

  •  


  HIV යනු මිනිසාගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන වෛරසයකි. නිසියාකාරව ප්‍රතිකාර ගැනීමෙන් මෙම වෛරසයෙන් හානියක් නොමැතිව වසර ගනනක් ජීවත් විය හැකිය. නමුත් ප්‍රතිකාර නොගැනීමෙන් වෛරසය වර්ධනය වූ විට එම තත්වය AIDS ලෙස හැඳින්වේ. AIDS වැලඳීමෙන් පසු එම පුද්ගලයාට තව දුරටත් රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව නැති වී යන බැවින් ඔහු හෝ ඇය සුළු සෙම්ප්‍රතිශ්‍යාවකින් වුවද මිය යා හැක. 

  •  


 සෑම සැඩ කුනා‍ටුවක්ම ( hurricane )  කුනා‍ටුවකි ( Cyclone) . එහෙත් සෑම කුණා‍ටුවක්ම ( Cyclone)  සැඩ කුණා‍ටුවක් ( hurricane )  නොවේ. සැඩ කුණා‍ටුවක් වීමටනම් එය පැයට සැතපුම් 74කට වඩා වැඩි වේගයෙන් හමා යා යුතුය. බොහෝ විට නිරිත දිග පැසි‍ෆික් සාගරයේ හා ඉන්දියන් සාගරයේ කුනා‍ටු ඇති වන අතර අත්ලාන්තික සහ නැගෙනහිර ශාන්තිකර සාගරයේ සැඩ කුණාටු ඇති වේ.





  මේ දෙවර්ගයම සිංහලෙන් පොකිරිස්සා ලෙස හැඳින්වේ.  නමුත්  Lobster කරදියේද Crayfish මිරිදියේද වසයි.  Crayfish ප්‍රමාණයෙන්ද කුඩාය. 
 



සිංහලෙන් බෙහෙත් පෙත්ත හෝ බෙහෙත් ගුලිය ලෙස යෙදේ. නමුත් වෙනසනම් Pill යනුවෙන් හැදින්වීමටනම් එය අනිවාර්යෙන්ම රවුම් හැඩයෙන්ම තිබිය යුතුය. නමුත්  Tablet ඕනෑම හැඩයකින් විය හැකිය. 




 


ජාතිය( Race )  යනු ඒකීය ලාක්ෂණික සහිත මිනිස්  ප්‍රභේද වේ. මානවවංශිකත්වය (Ethnicity )  යනු සංස්කෘතික සම්ප්‍රදායකි. ඔබේ ජාතිය "කළු" විය හැකිය. නමුත් මානවවංශිකත්වය  "කළු" විය නොහැක.
මානවවංශිකත්වය යනු සිරිත් විරිත් ඇසුරෙන් ගොඩ නැගුනු සම්ප්‍රදායයි. එය ඔබ ජීවත් වන කලාපය අනුවද කලින් කලටද වෙනස් විය හැකිය.

  •  

  •  බොහෝ දෙනෙකු සිතන්නේ කූනිස්සා (Shrimps)  ඉස්සාට( Prawn)  වඩා කුඩා බවයි. එහෙත් එය එසේ නොවේ. මන්ද විශාල කූනිස්සන්ද කුඩා ඉස්සන්ද හමු වන බැවිනි. ඔවුන් එකම ගෝත්‍රයකට අයිති වුවද උප ගෝත්‍ර දෙකකට අයිතිය.  ඔබ ආහාරයට ගන්නේ ඉස්සෙකුද කූනිස්සෙකුද යන්න දැනගැනීමට කැමති නම් කෙළවර පට්ටක ( Plates) පරීක්ෂා කරන්න. කූනිස්සාගේ දෙවන පට්ටකය පලමු සහ තුන්වන පට්ටක අතිච්චාදනය ( overlap)  කරන අතර ඉස්සාගේ දෙවන පට්ටකය තුන්වන පට්ටකය අතිච්චාදනය කරයි. 

 ( වැරැදි ඇත්නම් සමා වෙලා කියා දෙන්න හොඳේ....)



2 comments:

  1. වැදගත් ලිපියක් සප්‍රි. .

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. මට මේ මේල් එක එවපු කෙනාටත් ස්තුතියි.

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!