Sunday, December 1, 2013

වතුර




මිදුලෙ ලි‍ඳෙන් පනිට්‍ටුවට
වතුර ඇදලා
කළ ගෙඩිය පුරවන
මම ....
හරියටම පනිට්‍ටු හයෙන්
කළගෙඩිය උතුරනවා...

super market එකෙන්
සල්ලි ගෙවලා
වතුර බොතල් හයක් උස්සගෙන
flat එකට පිය මනින
මම...
ඒකටත් රියාලක් වැය වෙනවා....

මේ ඒ මමමද???????

6 comments:

  1. රියාලක් දීල වතුර බෝතල් 6 ක් ගන්න පුලුවන් උනාට, ලංකාවෙදි තෙල් ( පෙට්‍රල්/ ඩීසල්) බෝතල් 6 ක් ගන්න රියාල් නම් කීයක් ඕනෙද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි. සැප දුක සමබර වේ කිව්වලු..

      Delete
  2. දැන් මෙහෙත් වතුර බොන්න වෙලා තියෙන්නේ සල්ලි දීලා...

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය මාතලන් උන්නැහේ මේ පැත්තෙ ආපු එකම මට ලොකු ගෞරවයක්. සින්ඩියට නම දැම්මටත් බොහෝම ස්තුතියි..
      ඉස්සර "ආයුබෝවන්" කිව්වා වගේ දැන් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න ඕනෙ "පිරිසිදු වතුර ලැබේවා" , "වස විස නැති ආහාර ලැබේවා" කියලා

      Delete
  3. මුදල් මතම යැපෙන සමාජය?
    දිගටම ලියන්න සප්‍‍රී. සුභ පැතුම්.
    ෆලෝ ගැජට්ටුවකුත් එල්ලුවොත් නරකද? කැමතිනම් විතරක්.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් Chathuranga . මම මේ දවස් වල ගැජට්‍ටු ගැන එහෙම ඉගෙන ගනිමින් ඉන්නෙ. උත්සාහ කරන්නම්. ඔයාල ඇවිත් ලියන ඔය වචන තමයි මගෙ ශක්තිය.

      Delete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!