Monday, November 25, 2013

ඔබට ලියූ කව...


සඳ ‍රැස් කෙඳි ගලා හැලෙන
මුදු සුවඳැති රෑ හීනෙක
ලා සුලඟේ හීන් සරින්
හීන් සැරේ ලඟට එන්න....

සඳ ‍රැස් කෙඳි ගලා ඒවි
ඒ හීනෙට නමක් දෙන්න...

කොහොඹ තුරු අගින් ඉගිලෙන..
ඉඳි ගස් යට ගී මුමුනන
මලිත්තනේ එපා දැන්ම
සීත සමේ ‍රැගෙන එන්න..
පාලු සිතට කොහොමත් බැහැ
මේ සීතල දරා ගන්න.

අලු පැහැ කඳු මුදුන් සිඹින
කලු පැහැ මහ මේඝ උඩින්..
මම එනවා අසුරු සැනින්
අත්වැල් බඳ සිනා සෙන්න..
ඒ වෙනකල් හැම හීනෙම
ලඟට ඇවිත් තුරුලු වෙන්න...

1 comment:

  1. මගේ ශුභ පෑතුම්. සෑමදා දිරිය ලෑබේවා.

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!