මේ පින්තූරෙ දැක්කම මොකද හිතෙන්නෙ? මටනම් මේක මහ හිසරදයක්. නොදිරන බව දැන දැන කුනු වලට දාන්ඩත් බැහැ. එහෙමයි කියලා ඔක්කොම ගෙයි තියාගන්ඩත් පුළුවන්ද? මම ඉතින් ගමනක් යනකොට හරි වතුර ටිකක් දාගෙන යන්න පුලුවන්නේ කියල 2,3 ක් සෝදලා තිබ්බත් අපෙ රන්කැටේ (ප්‍රාණය සරි පුත්‍ර රත්නය ) ඒවයේ මුඩි නැති කලාම වටිනාකමක් ඇත්තෙම නැහැ.
ඔන්න ඉතින් මට හම්බ උනා හොඳ විසඳුමක් . https://www.facebook.com/MiniInTheBox?ref=br_tf
පිටුවට ස්තුතිවන්ත වෙනවා මේ ලස්සන අදහස් බෙදා හදා ගත්තට.(1) බලන්න ගෙදරට කෙනෙක් ආවාම පුංචි පුංචි දේවල් ගොඩක් පිළිගන්වන්න හොඳ විදියක් නේද?
( 1. අවශ්‍ය උස ප්‍රමාණය අනුව කපා ගන්න. 2. දාරය හොඳින් මටසිලුටු කරගන්න. 3,4. දාගෙන කන එකයි තියෙන්නෙ.) |
(2) මේ නොදිරන දේ නැවත නැවතත් භාවිතා කරන එක අපට වගේම රටටත් හොඳයි. මේ පේන්නේ ඒ වගෙ හදපු විසිතුරු බඩු සහ පලදායී බඩු කිහිපයක්.
(1. මල් බඳුනක් 2. විසිතුරු බඩු 3. සෙල්ලම් බඩු 4.කුඩා තසිම් 5. සඟරා රඳවන 6. අසුරන 7. පෑන් රඳවන ) |
(3)මේ වැඩෙත් ප්ලාස්ටික් බෝතල් වලින් කරන්න පුලුවන්. බෝතල් වගේ කපන්න අමාරුත් නැහැ. මටනම් හුඟක්ම හිතට ඇල්ලුවෙ මේ වැඩේ. වතුර දාන්න අමතක උනාට ගස් මැලවෙන්නෙත් නෑනේ. මෙතන තියෙන ඒවයින් මම අත්හදා බැලුවෙ මේක විතරයි. (රන්කැටේ වැඩි දුර පර්යේශණ නොකලානම් මගෙ ගහ තාමත් පණ පිටින්. )
(ඔය හැදෙන්නේ හෝ ගාලා) |
හ්ම්ම් .. අපූරුයි.
ReplyDeleteනියමයි ඈ..
ReplyDeleteටොප් වැඩ ටිකක්නේ..ස්තූතියි බෙදා ගත්තාට,
ReplyDeleteසෑහෙන්න වටිනවා.
ReplyDelete