( ආභාසය: "නොමියෙමි" - මහගම සේකර )
කවදාද මන්දා..
“ දුක් විඳින්නම ඕනෙලු සැප ගන්න”
කවුදෝ කිව්වාකවදාද මන්දා..
හොඳයි ඒකත් කරලාම බලමුකෝ...
නිදි වරාගෙන වනපොත් කල විභාගය
ඉහලින්ම ගොඩ ගිහින් තිබුණා
නිදි වරාගෙන වනපොත් කල විභාගය
ඉහලින්ම ගොඩ ගිහින් තිබුණා
ඒකනෙ කියන්නෙ
“ දුක් විඳින්න වෙන්නෙ තව ටික කාලයයි ”
“ දුක් විඳින්න වෙන්නෙ තව ටික කාලයයි ”
මොකක්?
තව ඉවර නැද්ද?
අනේ අපොයි සරසවි තුරුළේ
කන්ඩත් නෑ නිදියෙන්ඩත් නෑ.
යන්තම් අවුරුදු හතරකින්
ගොඩ ගියා කියමුකෝ
කෝ අර කියපු සැප ?
රස්සා පෝලිම්
තරග විභාග
අන්තිමේටම ආන්ඩුවෙ රස්සාවක් අතේ
අනේ අපොයි !
අනේ අපොයි !
මෙතනනෙ දුක පටන් ගන්නෙ
දහ අතේ ණය
දරුවන්ගෙ අසනීප
උදේ හවස බස් වල තෙරපිල්ල
“ දුක් විඳින්නත් ඕනෙ තමයි ඔය වයසෙදි ”
ආයෙත් කවුද කියනවා...
බිත්තියේ ඇණයකින් එල්ලෙන බුද්ධ රූපෙ
මට හිනා වෙනවා
“ තණ්හාය ජායතී සෝකෝ ”
ඇයි රජයේ රැකියාව ටාගට් කරගෙන ඉන්නේ. ඉරිදා ඉන්ගිරිස් පත්තර වලා රස්සාවල් කීයක් තියෙනවද...?
ReplyDeleteඔය මගෙ අතීතෙනෙ. ඔයා හරි. ඔයාගෙ යෝජනාව දැනටම ක්‍රියාත්මකයි. මම දැන් රටෙත් නෑ.
ReplyDeleteඒත් ඕක නේද අදටත් පොදු තත්වෙ?
ReplyDeleteඅපේ උන්ට රස්සා නැතුවමත් නෙමේ බං තියෙන ඒවත් කරන්න අකමැති ගොඩක් උන් මාතලං අයියා කියනවා වගෙ රජයෙ ජොබ් කට්ටක්ම හොයන නිසයි.
ReplyDeleteදැන් බ්ලොගේ ලස්සනයි. දිගටම ලියපන් සහෝ
රජයේ රකියවල්කරන අයගේ කතාව ඔක තම. 55 න්පස්සේ පෙන්සිඔන් එකෙන් ඉන්න හිතගෙන ජේවිතෙමදුක් වින්දිනව.
ReplyDelete