මේ ගමන අපේ බ්ලොග් සහෘදයින් එක්ක බෙදා ගන්න හිතුනෙ ඔයාලා නොදන්න දේවලුත් මෙතන තියේවි කියලා හිතුන නිසයි.
ගැල්වේ'ස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය
ඉස්කෝලෙ යද්දි යන තරමක් ට්‍රිප් ගියේ නුවරඑළියට වුනාට මෙහෙම එකක් ගැන නම් අහලා තිබුනේ නැහැ. කලින්ම වෙන් කරගත්තු නවාතැන හොයද්දි අහම්බෙන් දැකපු මෙන්න මේ බෝඩ් එක නිසා තමයි අපි මේක බලන්න ගියේ. .
වැඩි ඈතක නෙවෙයි. නුවරඑළියේ නගර සීමාවෙමයි මේ ලස්සන කැලේ තියෙන්නෙ. 1938 මැයි මාසෙ 27 වෙනිදා වනජීවී අභයභූමියක් ලෙස නම් කළ මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස උසස් කරනවා 2006 මැයි 18 වෙනිදා. ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා සංසදය මගින් පක්ෂින් නැරඹීමට සුවිශේෂ වූ කඳුකර පරිසර පද්ධතීන් ලෙස නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය සහ ගැල්වේ'ස් ලෑන්ඩ් වන උයන නම් කර තිබෙනවා.
රටඉඳි ගස් අතරෙ ඉඳන් ලංකාවට එන්න ඇඟිලි ගැනපු මට මේ පාර දැක්කම ඒ දිගේ දුවන්න හිතුනා. |
නගරයෙන් බොහෝ ඈතට නොගොසින් වනයකට ඇතුලු වී සොබාදහමේ අසිරියත් සමඟ ඒකාත්මික වන්නටනම් හොඳම තැනයි මේ. අපේ රටේ නගර සීමාවක් තුල පිහිටි එකම වන අභය භූමිය මෙයයි. ( නුවරඑළිය නගරයේ සිට 1 KM පමණ) 2007 වසරේදී ගැල්වේස් ලෑන්ඩ් මෙරට කුඩාම ජාතික වනෝද්‍යානය ලෙස නම් කළා. ඒ නිසාම ගැල්වේස් ලෑන්ඩ් ඉහළ කඳුකරයේ පිහිටවූ පළමු ජාතික වනෝද්‍යානය ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ලංකාවේ අනිකුත් වනෝද්‍යාන තුල දක්නට නොලැබෙන පරිසර තත්ව, සත්ව සහ ශාක ප්‍රජාවක් මෙහිදී දකින්නට ලැබෙනවා.
පාර හොයා ගන්නේ කොහොමද?
(නුවරඑළිය නගර මධ්‍යයේ සිට උඩුපුස්‌සැල්ලාව මාර්ගයේ කිලෝ මීටරයක් පමණ ගමන් කරද්දී ආර්ථික මධ්‍යස්‌ථානය අසල ගැල්වේස් මාර්ගය සොයා ගන්න පුලුවන්.. ඒ මාර්ගය ඔස්‌සේ කිලෝ මීටරයක් පමණ ගමන් කරද්දී ඔබ ගැල්වේස් ලෑන්ඩ් ජාතික උද්‍යානයේ පිවිසුම දකීවි..)
මේ තියෙන්නෙ ඔබ වෙනුවෙන් අපේ කැමරා කාචයේ සටහන් වූ දසුන් පෙලක්.
( photo credit goes to : මටයි අපේ මහත්තයටයි..)
"අරණකට පෙම් බැඳ " නවකතාව මතක් උනා.
ලයිකන වලටත් ඔවුන්ගේම ලොවක් |
වනස්පති |
මේ ටිකත් බලන්න.
පහලින් පළ කරන ඡායාරූප ගැන යමක් කිව යුතුයි. මම මේ වගේ බෝඩ් ලෑලි දාන්න කැමති නැහැ. නමුත් අපට මේ සතුන්ගේ දසුන් ලබා ගැනීමට නොහැකි වුනා. මේ උපුටනයෙන් ඔබට තේරේවි මෙහි වැදගත් කම.
" ගැල්වේස්‌ලෑන්ඩ් වඩාත් සුවිශේෂී වන්නේ පක්‍ෂීන් නැරැඹීමට හැකි උද්‍යානයක් ලෙසය. දැනට වාර්තා වී ඇති පක්‍ෂි විශේෂ සංඛ්‍යාව තිස්‌පහකි. ලංකාවටම ආවේණික වූ පක්‍ෂි විශේෂ හතක්‌ද සිටී. කඳුකරයට පමණක් විශේෂ වූ පීතකන් කොණ්‌ඩයා... යුගල වශයෙන් මෙන්ම රංචු ලෙසද දැකිය හැකිය. පක්‍ෂීන් පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට ගැල්වේස්‌ලෑන්ඩ් උද්භිද උද්‍යානය කදිම තැනකි.
මෙහි සිටින විශාල ක්‍ෂීරපායි සංඛ්‍යාව අඩුය. එහෙත් කුඩා ක්‍ෂීරපායි විශේෂ රැසක් සිටී. වල් ඌරා, වැලි මුවා, හඳුන් දිවියා, කළු වඳුරා, දඬු ලේනා සහ හාවුන් ඒ අතරය. උද්‍යානයේ දැකිය හැකි උරග විශේෂයන් සීමාවී ඇත්තේ දේශගුණික තත්ත්වයන් නිසාය. එහෙත් නයා, ලේ මැඩිල්ලා වැනි සර්පයන්ද කොපුල් කමැස්‌සා, අංකටුස්‌සා සහ කුරු බෝදිලිමා යන කටුසු විශේෂයන්ද සමනළ විශේෂ රැසක්‌ද මෙන්ම උභය ජීවීන් රැසක්‌ද දැක බලාගත හැකිය."
(http://www.divaina.com/2010/10/05/feature04.html)
ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා |
මයිලගොයා |
යුරාසියා කළු බිම්සැරියා |
අළු හැල පෙන්දා |
බොර කෙවුල් බකමූණා |
ශ්‍රී ලංකා බොරග දෙමලිච්චා |
අළු කෑදැත්තා |
දෑ දෙමලිච්චා |
කහ කන් කොණ්ඩයා |
ශ්‍රී ලංකා සිතාසියා |
( මේවා සිස්සත්තෙටත් ඕනෙ වෙනවා. යටින් නම සිංහලෙන් කෙටුවෙත් ගූග්ල් දෙයියන්ට මාට්ටු වෙන්ට. ළමයින්ට නැතත් අම්මලාට හරි වැදගත් වෙයි නෙව )
කෝ මේ ඉන්නවා කියපු කුරුල්ලෝ ඈ? (පළපුරුදු සංචාරකයෙක් කුරුල්ලන් නිරීක්ෂණය කරමින්) |
මතු සම්බන්ධයි. තවත් ගමනක් ගැන ආයෙ ලියන්නම් හොඳේ ..
නියම විස්තරයක් සප්‍රි. ඇත්තටම වටිනවා.
ReplyDeleteතැන්කූ.
Deleteකුරුල්ලනෙග් පින්තූර හරිම ළස්සනයි..!
ReplyDeleteඔයා මට හින්ට් ගහනවා නේද? කැතයි හොඳේ ..
Deleteහරිම ලස්සනයි නේ. ෆොටෝස් වලින් අගය වැඩිවෙනවා.
ReplyDeleteහොද සටහනක්. අවස්ථාවක් හදාගෙන යන්න ඕන. ස්තුතියි..
ReplyDelete