Thursday, December 4, 2014

ඔබේ ආදරේ ...

ඉස්සුවේ මෙතනින් .https://creativedone.files.wordpress.com/2013/10/alokaya1.jpg
අරුනළු සමගින් දිව යන 
ගොම්මන් අඳුරේ හතිලන  
ගමනක දුටු නැවතුම් පොළ 
ඔබේ ආදරේ 


රෑ නොනිදන කොළොම් පුරේ 
ගිනියම් වූ එළි අතරේ 
පොල්තෙල් පහනක එළියකි 
ඔබේ ආදරේ
උදේ හවා රෝද පොරේ 
නොසිඳෙන දාහය පැතිරේ 
පන් පැදුරක සුවය ගෙනේ 
ඔබේ ආදරේ 

ගමේ සුවඳ පමණි හදේ 
බකිනි මලක සුවඳ  වගේ 
ඒ සුවඳට පැහැය ගෙනෙන 
ඔබේ ආදරේ
කළු නගරේ සුදු හදවත 
ඔබය මා කෙරේ ..


(කොපි රයිට් : Copying is not right.)

7 comments:

  1. කවිය ටිකක් හොදයි හැබැයි මදි
    අනික සුලභ මාතෘකාවක් කමන් නෑ දිගටම ලියමු...
    ආපු දවසෙම මේම කීව කියල හිත් අමනාප කරගන්ට කාරි නැතුවා හිතට දැනෙන දේ කියන්නෙපැ...
    ජයවේවා

    ReplyDelete
  2. පැමිණීම වටී. අදහස් දැක්වීම ඊටත් වඩා වටී. දිගටම එන්නකෝ... සුලභ නොවන දේවලුත් ලියන්නම්.

    ReplyDelete
  3. සිංදුවකට හොඳයි

    ReplyDelete
    Replies
    1. බාලගිරි දෝශෙ තියෙන යාලුවෙක් මේක සිංදුවකට කියලා ඉල්ලගත්ත අජිත්. කවදා කියයිද දන්නෙ නම් දෙයියො තමයි.

      Delete
  4. අජිත්ගේ කතාව අැත්ත................. නියමෙට ගැලපෙනවා ගීතයකට.......... ඒ පදවල ගීතවත් බව තියෙනවා... හරිම අගෙයි..... දිගට ම ලියමු.. අපි ඉන්නවා අගය කරන්න....

    ReplyDelete
    Replies
    1. දැන්නම් මම තනි නැහැ වගේ දැනෙනවා .. මේකට වඩා මම කවදා හරි ගීතයක් වෙයි කියලා හීන දකින ගීතයක් තමයි මෙන්න මේක.. http://ipanella.blogspot.com/2014/01/kawi.html
      බලමු කවදා හරි ..

      Delete
  5. ලස්සනයි.. හැබැයි තව ටිකක් මහන්සි උනානම් මේක තව ලස්සන කරන්න පුළුවන් කියලා හිතුනා..

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!