Thursday, December 4, 2014

ඔබේ ආදරේ ...

ඉස්සුවේ මෙතනින් .https://creativedone.files.wordpress.com/2013/10/alokaya1.jpg
අරුනළු සමගින් දිව යන 
ගොම්මන් අඳුරේ හතිලන  
ගමනක දුටු නැවතුම් පොළ 
ඔබේ ආදරේ 


රෑ නොනිදන කොළොම් පුරේ 
ගිනියම් වූ එළි අතරේ 
පොල්තෙල් පහනක එළියකි 
ඔබේ ආදරේ
උදේ හවා රෝද පොරේ 
නොසිඳෙන දාහය පැතිරේ 
පන් පැදුරක සුවය ගෙනේ 
ඔබේ ආදරේ 

ගමේ සුවඳ පමණි හදේ 
බකිනි මලක සුවඳ  වගේ 
ඒ සුවඳට පැහැය ගෙනෙන 
ඔබේ ආදරේ
කළු නගරේ සුදු හදවත 
ඔබය මා කෙරේ ..


(කොපි රයිට් : Copying is not right.)