Monday, January 13, 2014

ඔහුට ලියු කවි


 තරු වියන් යට මල් විමන් මැද
රන් සඳක් මැවු ජීවිතේ
පෙම් පවන් වැද මහ මෙරක් ලෙස
ආදරේ විඳි ජීවිතේ

             එදා අප පෙම්වතුන් විලසින්
             සදා එක් වන විලස පතමින්
 රන් සඳක් මැවු
මල් මගක් සෙවු
ආදරේ අද කෝ මගේ සඳ ?


රන් හුයෙන් බැඳ රන් විමන් මැද
එක් සිතින් ආ මාවතේ
රන් මගේ සඳ හා දොඩන්නට
ඉසිඹුවක්  නැතිජීවිතේ
           
               මෙදා අප මව්පියන් විලසින්
               මහා මෙර වුව හිසින් දරමින්
අනාගතයට මං සොයන සඳ
ආදරේ අද කෝ මගේ සඳ ?




(මේක කාලෙකට ඉස්සෙල්ලා මම ලියපු ගීතයක්. ගීතයක් කිව්වට තාම කවුරුත් කියලා නැහැ. පුලුවන් කෙනෙක් ඉන්නවානම් හොඳ ගායිකාවක් හොයලා දෙන්නකෝ.)






13 comments:

  1. ///රන් මගේ සඳ හා දොඩන්නට
    ඉසිඹුවක් නැතිජීවිතේ/// මටත් මෙහෙම කියන්න වෙයි

    ReplyDelete
    Replies
    1. බැඳලාම බලමුකෝ ..

      Delete
    2. මේක පෝස්ට් එකකට දාන්න මතක් වුනේ ඔයාගෙ කවිය දැකලා තමයි

      Delete
  2. ඇත්තටම ගීතයකට සුදුසු ලස්සන පද මාලාවක්. සුදුස්සන්ගේ ඇස ගැටේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා ..

      Delete
  3. පොඩි එකා වෙනම නිදි කොරහන්..

    ReplyDelete
  4. //// පුලුවන් කෙනෙක් ඉන්නවානම් හොඳ ගායිකාවක් හොයලා දෙන්නකෝ.)////
    දැන් ගායිකාවෝ නැහැ හොයාගන්න. ගීතා වගේ නිලියක් හොයලා දෙන්නද? ලඟදිම සින්දු කියන්නත් බලාපොරොත්තු වෙනවලු.:D

    ඔබේ පදවැල් රස වින්දෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ මේ පැත්තෙ ආවට​.

      Delete
  5. ඊට වඩා හොදයි මමම ඕක කියන්නම්..

    ReplyDelete
  6. ලස්සන පද වැලක්.

    ReplyDelete
  7. .. කොච්චර කොලත් ඔච්චර තමයි අහන වෙන්නෙ.. කවිය මරු..

    ReplyDelete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!