Friday, January 31, 2014

ඉරා අඳුරු තිර....






ඉරා අඳුරු තිර සරා සඳක් පායා..
මහරු මිණක් සේ මියුරු නදක් සේ
ආගන්තුක හැඟුමින් ..
මා හද එළි කරමින්.

කවුළු දොර හැර මේ ගලන්නේ
එහෙව් සෙනෙහස් සිසිලදෝ ..
තුන් යමේ සිත පිරිමදින්නේ 
අරුම සෙනෙහස් පහසදෝ..
 
ආගන්තුක හැඟුමින් ..
මා හද එළි කරමින්...

සිතක් ළං කර දුරක් යන්නට
ඉඩක් කෙදිනක තියේදෝ..
නුරා හදවත පුරා දැවටෙන 
ළඳේ  නුඹ කොහි ගියාදෝ..

ආගන්තුක හැඟුමින් ..
මා හද එළි කරමින්...


( මෙම වෙබ් අඩවිය සතු කිසිදු යමක් කතෘගේ අවසරය නොමැතිව කිසිදු අයුරකින් උපුටා ගැනීම සපුරා තහනම් වේ. ) 

No comments:

Post a Comment

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!